පොලිටික්දාසගේ විස්කම්
පොලිටික්දාසගේ විස්කම් |
නා කපන වැස්සේ කුඩයක්ද නැතිව ආවරණයක්
සොයා දිව යද්දී කොහේදෝ කඩයක පිළ අසල උන් එකෙක් මට අඬ ගෑවේය.තට්ට තනියමේ හුන් ඌ මගේ අත ගෙන එහි පිස්තෝලයක් තැබීය.
එකෙණෙහි මා ඉදිරියේ ත්‍රිමූර්තියක් පහළ විය.
එකෙක් කේඩෑරි වී ගිය සිරුරින්ද
සුදුමැලි සමින්ද සිහින් දෑසින්ද යුතු වුවත් සල්ලිකාර පෙනුමක් ඉසිලුවේය.
තවෙකෙක් හැඩි දැඩි සිරුර ඇතිව බටහිර
පන්නයට ඇඳ පැළඳ තරු වැටුණු ටයි පටියක් පැලඳ සිටියද පෙර කී එකා තරම් සල්ලිකාර බවක්
පළ නොකෙලේ ය.
තුන්වැනියා පෙර කී දෙදෙනාට මැදි වී
සිටි අතර කෙටි කොලරයක් ඇති අත් දිග කමිසයක්
පමණක් හැඳ දෑතින් විලි වසාගෙන සිටි නමුත් ඔහු කෙරෙන් පෙර දෙදෙනාටත් වඩා සශ්‍රීක
බවක් පෙනිණ.
කලින් කී දෙන්නා විලියෙන් සිටි
තැනැත්තවුට නේකවිධ සළු පිලි දෙමින් සිටියද ඔහු ඒවාට මැළියාක් මෙන් විලියෙන්ම
තැවෙමින් සිටියි.
වික්ෂිප්ත වූ මම පිස්තෝලය දුන් තැනැත්තවු දෙස බැලීමි."කැමති එකෙකුට
වෙඩි තියන්ට" ඔහු කීවෙිය.
එක්කෝ අර ධනවතුන් අතින් අතවරයට ලක් වන දුගියා බේරාගන්නට තිබිණ.
නැත්නම් දුගියා යටත් කොට දී ධනවතුන්ගේ ප්‍රසාද ගන්නට තිබිණ.
වික්ෂිප්තව හුන් තැනින් නැගී සිටි හිඟාකෑවලාගේ පොලිටික්දාස වූ මම තුවක්කුව දුන් තැනැත්තවුටම එල්ල කොට ඔහු යටපත් කොට ගැනීමි.අර මුලින් කී දෙන්නා දහසින් බැඳි පියල්ලෙන් මා පුදන්නට වන.විලියෙන් රතුව සිටි තැනැත්තා විලි වැසීම අමතක කොට දෑතින් අත්පොලසන් දී උඩ පැන්නාහ.
Comments
Post a Comment