ඉත්තියෝ ජායතී මරණං.
සිව,
උඹට
යකෙක් ගැහුවේ
උද්දාල
ඇදුරු මං
ගින්නට
පැන්නේ
ගෑණු
හින්දයි ඇමතිතුමෝ.
පට්ටමේ
ලොකුකම තියාගෙන උඹත්,
උගත්ත
දේ කරපින්නගෙන මාත්,
ගෑණු
පස්සෙ නොගියානං
උඹයි
මායි අපි දෙන්නම
තාම
පණපිටිං.
එහෙනං මගෙ ගෝලයෙකුට
පුරපතිකම
දෙන්න තිබ්බ.
තව
මාසෙන් දෙකෙන් උඹට
බෙන්ස්
එකක් ගන්න තිබ්බ.
හොර
පාරෙං පිටරටකිං
ඉඩං
දෙකක් අරං දාල
කළු
ගෑවුණ සල්ලි වලිං
සුදු
ඇතිරිලි ගන්න තිබ්බ.
එතකොට
මට උන් කියාවි,
හොරා
කාපු සල්ලි දියං
උද්ඝෝෂණ-ට්‍රැෆික්
ජෑම්
මනබන්දන
සත්‍යග්‍රහ
පාර දිගේ උඹ යද්දිත්
පොලිස්
බයික්-එස්.ටී.එෆ්
වී.අයි.පී-පීප්
පීප්
අපරාදෙ
සුඛ විහරණ
කිරි
කළෙන් මුව දොවන්
සිරිබරෙන්
ඉන්න තිබු.
Comments
Post a Comment